සෑම රාජ්‍ය ගණුදෙනුවක්ම විනිවිදභාවයකින් සිදුකරමින් හොරු බිහිනොවන රාජ්‍ය පාලනයක් ගෙන යන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනතාව දුප්පත් කමින් මුදවා ගැනීම තම එකම අරමුණ බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
එක්සත් ජනරජ පෙරමුණ සංවිධාන කළ ජන හමුවක් නුගේගොඩ දී පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන්.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුලු මහජන නියෝජිතයන් පිරිසක් ද මෙම ජන හමුවට එක්ව සිටියා.