ෆ්‍රැන්සීන් සුළි කුණාටුව ඇමරිකාවේ ලුසියානා ප්‍රදේශය හරහා හමා යමින් තිබෙනවා.
ෆ්‍රැන්සීන් සුළි කුණාටුව ලුසියානා වෙරළ තීරයට කඩා වැදී රට අභ්‍යන්තරයට ගමන් කිරීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.
දෙවන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස එය මෝගන් නගරයෙන් රට අභ්‍යන්තරයට ඇතුළු වූ අතර පැයට කිලෝ මීටර 155ක වේගයෙන් සුළං හැමීම සිදු වනවා.
මේ වන විට ලුසියානා හා මිසිසිපි ප්‍රාන්ත වල හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සුළි කුණාටුව මධ්‍යම හා නැගෙනහිර ලුසියානා ප්‍රදේශයට මිලිමීටර 100ත් 200ත් අතර වර්ෂාපතනයක් ඇති කරමින් හමා යන බව කාලගුණ අංශ සඳහන් කරනවා.
එමෙන්ම ටොනේඩෝ තත්ත්වයන් ද ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
සමහර ප්‍රදේශ වල ජලය අඩි 10ක් දක්වා ඉහළ යා හැකි බවයි ඇමරිකා කාලගුණ අංශ සඳහන් කරන්නේ.