ආගරපතන හෙන්ෆොල්ඩ් වතුයායේ එල්.ජි කොටසේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස තිබි හමු වු බිළින්දියගේ සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කල පශ්චාත් මරණ පරික්ෂණයේදී බිළින්දිය ඉපදුණු විටම වයරකින් ගෙල සිර කර ඝාතනය කර ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඉකුත් 10 වන දින එම වතුයායේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු ත්‍රී රෝද රථයකින් දුගන්ධයක් හැමීම සම්බන්ධයෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරුගේ මව විසින් පරීක්ෂා කර බැලීමේදි ත්‍රීරෝද රථයේ පිටුපස තිබූ පොලිතින් බැගයක තිබී කුඩා බිළිඳාගේ සිරුර හමුවී තිබුණා.
සිරුර සම්බන්ධයෙන් සැකපිට එම ත්‍රිරෝද රථයේ 28 හැවිරිදි එක්දරු පියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී මාවනැල්ල ප්‍රදේශයේ සිට තම වතුයායට පැමිණි කාන්තාවකගේ පාර්සලයක් බවට පැවසිමෙන් අනතුරුව 24 හැවිරිදි සැකකාර කාන්තාවද පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදි සැකකාර රියදුරු සහ තමන් අතර තිබු අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් බිළින්ඳිය මෙලොවට බිහි වූ බවට ඇය පවසා තිබෙනවා.
තමන් සේවය කල මාවනැල්ල ප්‍රදේශයේ නිවසේදි බිළින්දිය මෙලොවට බිහි වු බවත්, එම නිවසේ සේවය කරන තම සොහොයුරියගේ සහය ඇතිව බිළින්දියගේ ගෙල සිර කර ඝාතනය කර සිරුර සැඟවිම සඳහා ත්‍රිරෝද රථ රියදුරා සමඟ ආගරපතන ප්‍රදේශයට රැගෙන පැමිණි බව සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
අළුයම් කාලයේ සිරුර වල දැමීමට සැලසුම් කර තිබුණද ඊට තම මව සිරුර දැක අසල්වාසින්ට දැනුම් දිම නිසා සිරුර වල දැමීමට නොහැකි වු බව ත්‍රීරෝද රථයේ රියදුරාද පොලීසියට පාපොච්චාරණය කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැකකාර රියදුරා සහ සැකකාරිනිය අද දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, සැකකාරිනියගේ සොහොයුරියද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන ආගරපතන පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.