ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවසන් දිනය අදයි.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබා දී තිබුණා.
ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු සියලු රාජ්‍ය සේවකයින්ට අද දින තම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බවයි කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
ඡන්දදායකයින් සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය මැතිවරණ කාර්යාලයට ගොස් ඡන්දය භාවිත කිරිමේ හැකියාව පවතිනවා.
තැපැල් ඡන්ද භාවිත කිරිමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඒ සදහා වෙනත් කිසිදු දිනයක් ලබා නොදන බව ද මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.
මේ අතර ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ කටයුතු ද තවදුරටත් සිදුකෙරෙන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් අවසන් වනවා.
ඒ අනුව අද මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයේ දිනයෙන් අවසන් වූණා. ඒ අනුව දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.