ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරඟාවලියේ තුන් වන වටයට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා .
ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 5 වන දින කාම්බෝජය සමඟ කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරඟයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 10 වන දින පවත්වා තිබුණා.
එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඬුවම් පහර ශ්රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමඟ මෙම ජයග්රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි .
මෙම ජයග්රාහී ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ දින රාත්රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සඳහා අති විශාල පාපන්දු ක්රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.