ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
ඒ අනූව ලබන (14) වැනිදා වන විට යම් කෙනෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේනම් හැඳුනුම්පත රැගෙන නියමිත තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.
මැතිවරණය පැවැත්වෙන දින තෙක්ම ඡන්ද දායකයින්ට මේ අවස්ථාව හිමිවනවා.
මේ වන තෙක් මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර අවසන්කර තිබෙනවා.
සෙසු ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපය තුළ බෙදා හැරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසන්නේ.