ඇමෙරිකාවේ විවිධ සාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන “International club of DC” විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය කළ සැඳෑවකින් ශ්‍රී ලංකාවට විශාල සංචාරක හා ආයෝජන ප්‍රවර්ධන අවස්ථාවක් ලැබී තිබුණා.
එහිදී කතා කළ තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ගස්වැල් මල් වලින් හා පිරිසිදු වාතයෙන් යුතු සමශීතෝෂ්ණ පරිසරය හා සෞඛ්‍ය සම්පන්න ප්‍රනීත ආහාර පාන භුක්ති විඳීමට ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට හා අපගේ දක්ෂ ශ්‍රම බලකායෙන් ප්‍රයෝජන ගනිමින් ආයෝජන ගෙනෙන ලෙස ද ආරාධනා කළා.
“ශ්‍රී ලංකාවට අදාළ මේ පණිවිඩය ඔබේ සෙසු ඇමෙරිකානු ඥාතීන් හා මිතුරන් අතරටත් යවන්න.
ඇමෙරිකාවට ඇත්තේ වසර 246ක ඉතිහාසයක් වුණත්ලංකාවට වසර 2500ක පෞඩ අතීතයක් තියෙනවා.
පෘතුගීසීන් හා බ්‍රිතාන්‍ය අපේ රට වසර 450ක් යටත් කරගෙන පාළනය කළා.
ඒ කාලය තුළ අපේ බෞද්ධ භික්ෂූන් හා ජනතාව රටේ දේපළ මෙන්ම අපේ සංස්කෘතිය හා උරුමයන් රැකගත්තා.
ඒ පෞඩ ඉතිහාසයේ නටබුන් ලංකාවට පැමිණ නරඔන්න”
තානාපති මහින්ද සමරසිංහ මහතා මෙහිදී ආරාධනා කළා.
ශ්‍රී ලංකාවේ බෙර වාදන නර්ථනාංග සංගීතය හා ගායනා ඇතුළු සංස්කෘතිකාංග රැසක්ද එහිදී ඉදිරිපත් කෙරිණ.
සියලු දෙනාට ශ්‍රී ලංකාවේ උණුසුම් හා ශීතකළ තේ වලට අමතරව ශ්‍රිලංකාවේ ආහාර වලින්ද සංග්‍රහ කෙරිණ.
ලංකාවේ පරිසරය වෙහෙර විහාර පැරණි නටබුන් සතුන් සිවුපාවුන් හා ලෝක උරුම 08හා සැතපුම් 800ක මනරම් මුහුදු වෙරළ ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ද තානාපති කාර්යාලය විසින් සංවිධානය කොට තිබිණ.