ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමේ අවසන් දිනය අද බව මැතිවරණ කොමිසම ප්රකාශකර සිටිනවා .
එමෙන්ම නාම යෝජනා භාරගැනිම ද හෙටින් අවසන් වන බවයි සඳහන් වන්නේ .
මේ අතර ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්දය භාවිතා කිරීමට ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වෙනවා .
තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ සියළු රාජ්ය සේවකයින්ට මෙම දින දෙක තුළ තම ඡන්දය ප්රකාශ කිරීමට හැකියාව පවතින බවයි කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
ඡන්ද දායකයින් සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්රාදේශීය මැතිවරණ කාර්යාලයට ගොස් ඡන්දය භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්ය සේවකයින්ට ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් ලබා නොදන බව ද මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.