මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 371ක් පමණ අද (11) දින ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවස්ථාව සැලසුණා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහායි මෙම අවස්ථාව උදා කර දී තිබෙන්නේ
පවතින කාර්ය බහුල තත්ත්වයේ වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳවත්, ශිෂ්‍ය පාර්ලිමේන්තු කටයුතු මෙන්ම අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ද විමසා බැලුවා .
ඉන් අනතුරුව ජනාධිපතිවරයා පැමිණ සිටි සිසුවියන් සහ පාසලේ ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක වී තිබෙනවා .