ආර්ථික ඉලක්ක ජය ගැනීම තුළින් ඕනෑම රටකට ණය කොන්දේසිවලින් තොරව ස්වාධීනව ක්රියාකිරිමේ හැකියාව පවතින බව අවධාරණය කෙරෙනවා.
පොදු ආකෘතියක් පදනම් කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ රටවල් සඳහා ණය මුදල් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට ද ණය මුදල් ලබා ගැනීමේ දී බලපාන්නේ එම රිතියයි.
ඒ අනුව රට තුළ කුමන ස්වාධීන විශ්ලේෂණ සිදුකළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ ආකෘතියට අනුව තීරණ ගැනීම සිදුවනවා.
ණය ඉල්ලුම් කරන රටකට එම ක්‍රමවේදය වෙනුවට වෙනත් ආකෘතියක් යෝජනා කිරීමේ හැකියාවක් නැහැ.
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ දී ඔවුන්ගේ වැඩපිළිවෙලට අනුව කටයුතු කිරීමට සිදුවනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවූයේ ණය පැහැර හැරි රටක් ලෙසයි.
අරමුදලෙන් සහාය ලැබුණ ද ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනවා.
දැනට ලබානෙ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද ඊට අයත්.
එය සිදුකළ හැකි වන්නේ ණය හිමියන්ගේ එකඟතාවයෙන් පමණයි.
එම කාර්යයේ දී ණය හිමියන් මගින් ද ස්වාධීනව ශ්‍රී ලංකාව හා අදාළ තිරසාරත්ව වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශ්ලේෂණ සිදුකරනවා.
එය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ අවධානම අඩුකර වාසිදායක ක්‍රමවේදයක් නිර්මාණය වන ආකාරයෙන්.
ඒ අනුව මූල්‍ය අරමුදලේ මැදිහත් විමක් හෝ ණය හිමියන්ගේ කොන්දේසිවලට එකගවීමට ශ්‍රී ලංකාවට සිදුවනවා.
කෙසේ වෙතත් ස්වාධීන තුන්වන පාර්ශවයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් වීම මගින් දෙපාර්ශවයටම යම් එකඟතාවකට පැමිණීමට ද හැකියාව පවතිනවා.
ඒ අනුව රටේ ණය තිරසාරත්වය පිළිබද අවසන් නිගමන වෙනස් කර ගත හැකි සාර්ථක හා ප්‍රායෝගික එකම ක්‍රමය වන්නේ වත්මන් සර්ව ආර්ථික තත්ත්වයන් මූල්‍ය අරමුදලේ ඉලක්කවලට වඩා යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමයි.