2024 ජනාධිපතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සහය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති රම්‍ය සුදත් දගල්ලගේ මහතා පවසනවා .
රම්‍ය සුදත් දගල්ලගේ මහතා ඒ බව කියා සිටියේ අද (11) දින නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක මාධ්‍ය හමුවක් පවත්වමින් .
අදහස් දැක්වූ රම්‍ය සුදත් දගල්ලගේ මහතා
අපිට ඉන්ධන නැතුව බස් දුව ගන්න බැරිව අන්ත අසරණ වෙලා තිබ්බ කාලයක් තිබුණා, ඒ තත්ත්වයෙන් අපිවත් සමස්ත රටේ ජනතාවත් බේරගෙන රට ගොඩදාපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා.
ඔහුට කෘතඥතාවය පළ කිරීම අපේ වගකීමක් වන නිසාවෙන් සහ රටේ අනාගතය හදන්න පුළුවන් එකම නායකයත් රනිල් වික්‍රමසිංහ මහතා බව අපි තේරුම් ගත් නිසා ජනාධිපතිවරණයේදී නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්ගේ සහයෝගය ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අප ඒකමතිකව තීරණය කළා
මෙම අවශ්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එස්.බී දිසානායක මහතාද සහභාගි වුණ බවයි සඳහන් වන්නේ