බලලු වැවේ හා කලා වැවේ ජලය අඩු විමත් සමඟ මේ දිනවල රංචු පිටින් වනඅලි සහ ඇතුන් වැව්තාවුල්ලේ සැරිසරන අයුරු දැකගත හැකියි.
වනඅලීන් මෙන්ම පැටවුන් ද ඇත් පන්තියක් ද මෙසේ සවස් කාලයේ කලා වැවේ හා බලලු වැවේ ජලය සිඳී ගිය ප්රදේශවල සැරිසැරීම දෛනිකව දැකගත හැකියි.
කලා වැව ඉස්මත්තේ 100කින් පමණ සමන්විත අලි රංචුවක් ගැවසෙන බව ප්රදේශවාසීන් පවසනවා.
බලලු වැව ඉස්මත්තේ ද 50කට අධික වන අලි රංචුවක් බෙරුතන බුදිමින් නිදහසේ සැරිසරන අයුරු දැකගත හැකියි.