වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වියට්නාමයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් හැනෝයි නුවර රතු ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
මේ හේතුවෙන් අගනුවර නගර මධ්‍යයේ දිස්ත්‍රික්ක රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් ද ඇතිව තිබෙනවා.
යාගි සුළි කුණාටුව හේතුවෙන් 59 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ.
ඉන් බොහෝ පිරිසක් නාය යාම් වලට ගොදුරු වුවන්.
එමෙන්ම දේපළ හානි රැසක් ද සිදු වුණා.
ගංගා වල ජල මට්ටම සෑම පැයකටම සෙන්ටිමීටර 10 කින් ඉහළ යන බවයි රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.
පාසල් රැසක් ද වසා දමා තිබෙනවා.