ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරවලින් ඊයේ රාත්රියේ පමණක් පලස්තීන වැසියන් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊශ්රායල හමුදා ඛාන් යුනිස් හි ගොඩනැගිල්ලකට එල්ල කළ ප්රහාරයකින් මියගිය 13 දෙනා ද මෙම පිරිසට අයත්.
සෙසු පිරිස පාබල සටන් වලින් මියගිය අය වනවා.
මේ අතර ගාසා හි දකුණු ප්රදේශයේ අල්-මවාසි සරණාගත කඳවුරට ඊශ්රායලය එල්ල කරන ප්රහාර ලෝක නායකයින් රැසක් මේ වනවිට හෙලා දැක තිබෙනවා.
එම ප්රහාර සඳහා ඊශ්රායලය ඇමරිකාවේ නිෂ්පාදිත රාත්තල් 2,000ක බරින් යුතු එම් කේ 84 බෝම්බ භාවිතා කළ බවට පලස්තීනය චෝදනා කරනවා.
ගාසා තීරයට ඊශ්රායලය එල්ල කළ ප්රහාර වලින් පුද්ගලයන් 41,020 ක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම තවත් 94,925 දෙනෙකු තුවාල ලබා සිටිනවා.