ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 23ක් ගත වනවා.
ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය හා වොෂින්ටන් නුවර පෙන්ටගනයට එල්ල වූ අල් ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි.
නයින් ඉලෙවන් ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි එය හැඳින්වෙන්නේ.
මගී ගුවන් යානා හතරක් යොදාගනිමින් එල්ල කළ මෙම ප්‍රහාර මාලාවේ පළමු ඉලක්කය වූයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුළුණ වන අතර ඇමරිකා වේලාවෙන් උදෑසන 8.46 ට එම ප්‍රහාරය එල්ල වුණා.
එය එල්ලවී විනාඩි 17 කට පසු එහි දකුණු කුලුන වෙතද ප්‍රහාරයක් එල්ල වුණා.
පළමු ප්‍රහාරයෙන් පැයයි විනාඩි 45කට ආසන්න කාලයක් තුළ මහල් 110කින් සමන්විත වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකම කඩා වැටුණා.
එම උණුසුම පහව යාමටත් මත්තෙන් අමෙරිකානු ආරක්ෂක මුලස්ථානය ලෙස සැලකෙන පෙන්ටගනය වෙත ද ගුවන් යානයක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල කළ අතර තවත් ගුවන් යානයක් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ හුදකලා කලාපයක් වෙත කඩා වැටුණා.
ඉන් ත්රස්තවාදීන් ඇතුළුව 44 දෙනෙක් මිය ගියා.
එම යානය භාවිත කර ධවල මන්දිරය වෙත ප්‍රහාරයක් එල්ල කිරීම ත්රස්තවාදීන්ගේ සැලසුම වන්නට ඇතැයි සැක කෙරෙනවා.
මෙම ප්‍රහාර වලින් සිදු වූ හානිය ඇමෙරිකා ඩොලර් බිලියන 10කට ආසන්නයි.
ඉන් මිය ගිය සංඛ්‍යාව 2,977ක්.