ඇමෙරිකා ජනාධිපතිවරණ අපේක්ෂකයින් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ රූපවාහිනි විවාදය පැවැත්වුණා.
ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි විවාදය එයයි. එහි පළමු විවාදයට එක්වූණේ එවක ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය දැරු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්.
කෙසේ වෙතත් කමලා හැරිස් අපේක්ෂකත්වයට පත් වීමත් සමග මේ සඳහා ඉදිරිපත් වූ අතර මෙය ඇගේ පළමු ජනාධිපතිවරණ විවාදය ද වනවා.
සාම්ප්‍රදායිකව පැවැත්වෙන විවාදයේ ප්‍රධාන මාතෘකා වූයේ ඇමෙරිකා ආර්ථිකය, බදු, සුබසාධන කටයුතු මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වැනි කරුණුයි.
විවාදයේදී දෙදෙනාම එකිනෙකා වෙත වාග් ප්‍රහාර එල්ල කරගන්නා ආකාරය දක්නට ලැබුණා.
විවාදය මිනිත්තු 100ක කාලයක් විකාශය කෙරුණා.
බොහෝ දුරට මෙවර අවසන් ජනාධිපතිවරණ විවාදය මෙය වනු ඇතැයි වාර්තා වනවා.
ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වෙනවා.