රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අද ( 11 දින අළුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මොහු ඉන්දීය ජාතික ගුවන් මගියෙක් බවයි සඳහන් වන්නේ .
ගුවන් මගින් විවිධ ඖෂධ වර්ග මේ ආකාරයට රැගෙන විත් , රට පුරා පිහිටි පෞද්ගලික ඔසුසැල් සහ රෝහල් වෙත අළෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටින පුද්ගලක් බවයි රේගු නිලධාරීන් පවසන්නේ .
මෙම ඖෂධ අතර පිරිමින්ගේ පුරස්ථි ග්රන්ථ ආශ්රිතව හට ගන්නා පිළිකා මර්දනයට යොදා ගන්නා එන්නත් , කාන්තාවන්ගේ සරු බව වර්ධනය කිරීමට යොදා ගන්නා ඖෂධ සහ කාන්තාවන්ගේ සම සුදු පැහැ ගැන්වීම භාවිතා කරන ආලේපන ඇතුළු තවත් ඖෂධ වර්ග රාශියක් මොහු සිය ගමන් මලු තුළ තිබී සොයා ගෙන තිබෙනවා .