ජාතික ජන බලවේගයට ඡන්දය නොදෙන පිරිස් ද රට ගොඩනැගීමේ කාර්යට එක්විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ හොත් රට පුරා ප්රචන්ඩත්වයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ.
රට අනුරට ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මාතලේ දී පැවැත්වුණා.
ඒ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන්.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ජන හමුව ඇමතුවා.