වරදාන හා වරප්‍රසාදවලට තම ප්‍රතිපත්ති පවා නොදෙන බව විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හලාවත පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කෙරෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් හලාවත දී පැවැත්වුණා.
සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සංවිධාන කළ එම ජන හමුවට මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.