ආයෝජකයින් සුරක්ෂිත කරමින් දේශීය වශයෙන් කර්මාන්තශාලා ඇති කර තරුණ තරුණයින් සඳහා නව රැකියා උත්පාදනය කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
තමන් සිදු කරන කටයුතු කතාවෙන් නොව ක්රියාවෙන් ඔප්පු කර පෙන්වන බවයි ජනහමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැලියක් මාතලේ රත්තොටදී පැවැත්වුණා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණු නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.