ගුවන් බඩු පාර්සලයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් 139ක් රේගු භාරයට ගෙන තිබෙනවා.
එයාර් කුරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබි මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
කොලොම්බියාවේ බොගොටා නුවර සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් ඒවා තිබු විදුලි උපකරණයක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබු බවයි රේගු නිලධාරීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ භාණ්ඩ නිෂ්කාශන නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75ක් බවයි පැවසෙන්නේ.
මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් වැඩිදුර විමර්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.