අරලගංවිල ප්රදේශයේ වැලි ප්රවාහන බලපත්ර කොන්දේසි උල්ලංගණය කරමින් වැලි ප්රවාහනය කරමින් තිබූ වැලි ටිපර් රථ 09ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව පොළොන්නරුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශ නිළධාරීන් පවසනවා.
එම වැලි ටිපර් රථ අරලගංවිල දම්මින්න සිට කොළඹ දක්වා වැලි ප්රවාහනය කරමින් සිටි බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව භාරයට ගත් වැලි ටිපර් රථ සහ ඒවායේ රියදුරන් , සහායකයින් වැඩිදුර විමර්ශන සඳහා මනම්පිටිය පොලීසිය වෙත භාරදුන් අතර (11) දින පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මනම්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබනවා.