උතුරු මැද මහඇල ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුලු නිලධාරින් පිරිසක් විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය වෙනවා.
මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 ක්.
මෙම ව්‍යාපෘතිය තුළ කිලෝමීටර් 28 ක් දිග උමං ජල මාර්ගයක් ඉදිවෙමින් පවතිනවා.
මොරගහකන්ද හා කළුගඟ ජලාශ වලින් උතුරු මැදට ජලය රැගෙන ඒමට එමඟින් සැලසුම්කර ඇති අතර මෙම මහ ඇලෙහි ඉදිකීරීම් අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 96 ක්.
ඇල මාර්ගය ඉදිකිරීමේදී පලුගස්වැව හා මහමීගස්වැව යන ප්‍රදේශවලදී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර් 28 ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම්කර ඇත්තේ උමං මාර්ගයක් ඔස්සේය.
මෙම උමං මාර්ග ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඉංජිනේරු බී.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.සෙනෙවිරත්න බණ්ඩා මහතා දිස්ත්‍රික් ලේකම්වරයා වෙත කියා සිටියේ උමං මාර්ගයේ ඉදිකිරීම් වලින් 39% ක පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන්කර ඇති බවයි.
2021 වර්ෂයේ ආරම්භ කල මෙම ව්‍යාපෘතිය 2026 වර්ෂයේ මාර්තු මාසයේදි නිම කිරිමට සැලසුම් කර තිබෙම්නවා.
කැණිම් යන්ත්‍ර දෙකක් මගින් මේවන විට උමග ඉදිකිරිම සිදු වෙනවා.
නව තාක්ෂණය සමඟින් ඉදිවන මෙම උමං ජල මාර්ගය 64% ක පමණ කොටසක් කොන්ක්‍රීට් කිරිමට සිදුවන අතර, ඒ සදහා කොන්ක්‍රීටි නිදපදවීමද ව්‍යාපෘති භූමිය තුළම සිදුකෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය මඟින් පරිසර හානිය අවම කරගනිමින්, විශ්වවිද්‍යාල සිසුන්ටද දැනුම ලබා දෙමින් සිදු කරන බවත් ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඉංජිනේරුවරයා පෙන්වා දුන්නා.
ව්‍යාපෘතිය නිසා අගතියට පත් ජනතාව සදහා වන්දි මුදල් ලබාදි ඇති බවත්, ලිං සිදී යෑම ආදි තත්වයන් සඳහාද විසඳුම් ලබාදී ඇති බවත් අනාවරණය වුණා.
උමං මාර්ගයද ඇතුළුව උතුරු මැද මහ ඇල සමස්ත ව්‍යාපෘතියම අවසන් වූ පසුව මහකනදරාව, පදවිය, වාහල්කඩ, යාං ඔය යන ජලාශ යටතේ පානීය ජලය ලබා දීමේ අවස්ථාව උදාවේ.
මෙම ව්‍යාපෘතියෙන් පෝෂණය වන කුඩා වැව් සංඛ්‍යාව 1505 කි. යාං ඔය හරහා පවතින ඉලුක්වැව, අල්ලේ පොතාන හා යෝජිත බ්රාහ්මණයාගම අමුණ යටතේ හෙක්ටයාර 3000කට වාරි ජලය සැපයේ.
පාවට්ටකුලම් හා ඉරණාමඩු ජලාශ හා යෝජිත කිවුල් ඔය ජලාශය යටතේ ප්රතිලාභ ලබන ප්‍රදේශවලට වාරිය ජලය මෙමගින් සැපයිය හැකියි.
මිරිදිය මතස්‍ය කර්මාන්තය ද දියුණු මට්ටමකට රැගෙනයාම සඳහාද හැකියාවක් ලැබෙනවා.
අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වන රක්ෂිත ස්ථාපනය කිරීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුකරයි.
සත්ත්ව පාලනයටද පහසුකම් සැලසෙන අතර සංචාරක කර්මාන්තයටද මේ තුළින් විභවතාවයන් නිර්මාණය වේ.
ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොදුරුවාව සිට පලුගස්වැව දෙසට කිලෝමිටර් 3ක් පමණ දුරක් මේ වන විට හරා අවසන්ය.
පලුගස්වැව සිට හබරණ දෙසට කිලෝමිටර් 11 ක් පමණ දුර ප්‍රමාණයක් ඉදිකරද අවසන්ව තිබෙනවා.
මෙම නිරික්ෂණ චාරිකාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ සුගත් නයනානන්ද මහතා, පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් ආර්.ජී.එස්.සී.කේ. විජේරත්න මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ඊ.එම්.එස්.එම්.කේ. ඒකනායක මහතා ඇතුලු නිලධාරින් පිරිසක් එක්වුණා.