දශක කිහිපයකට පසු රුසියාව විශාලතම නාවික අභ්‍යාසයක නිරත වනවා.
මෙම අභ්‍යාසය පැසිෆික් හා ආක්ටික් සාගර කලාප මෙන්ම මධ්‍යධරණී, කැස්පියන් හා බෝල්ටික් මුහුදේ සිදු කිරීමට නියමිතයි.
ඕෂන් 2024 ලෙස හඳුන්වනු ලබන මෙම අභ්‍යාසය දශක තුනකින් පසු සිදු කෙරෙන විශාලතම නාවික අභ්‍යාසයයි.
රුසියා බලඇණිවල හා එහි ගුවන් හමුදාවේ සටන් සූදානම මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් මෙම අභ්‍යාස ලබන 16 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
මෙහි නිල සමාරම්භයට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වීඩියෝ මාර්ගයෙන් සහභාගි වුණා.
රුසියා ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුද අභ්‍යාසවලට සහභාගී වන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද මේවනවිට මාධ්‍යයට මුදා හැර තිබෙනවා.