නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියලි කහ තොගයක් (10) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ තිබී වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඒවා වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබියදීයි සොයා ගෙන ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වියළි කහ තොගය නාවික හමුදා භාරයේ තිබෙන බවයි නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.