මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්ය සේවකයින් සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මේ දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් කිසිදු දිනයක් දීමට නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
තවද අද දිනයේ දී තැපැල් ඡන්දය භාවිත කරන ඡන්දදායකයින් හට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඡන්දය භාවිතා කිරීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළා.