රණවිරුවන්ගේ ගැටළු විසදීම සඳහා බලයට පත්ව පැය 48 ක් ඇතුළත ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එමෙන්ම රණවිරු අධිකාරිය වෙනුවට වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන්නේ .
දිවිදෙන රණවිරු ජාතික සමුළුවට සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
දිවිදෙන රණවිරු ජාතික සමුළුව අද කොළඹ දී පැවැත්වුණා.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.