තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ධුරවලින් ඉවත් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ තේනුක විධානගමගේ / ප්‍රසන්න රණවීර / ඩී වී චානක / ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ තනතුරුවලින් ඉවත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අදාළ ඉවත් කිරීම් අද සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.