ඉදිරි ජනාධිපතිවරණයේ දී වතුකර ප්‍රජාවගේ ඡන්ද 99.99% ක්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වන බවත්, ඒ හැර වතුකරය තුළ වෙනත් තීන්දුවක් නොමැති බවත් කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසනවා.
වතුකර ජනතාවට ඡන්ද අයිතිය හිමි කර දුන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10ක විසිරී සිටින වතුකර ජනතාව කළගුණ සැලකීමට එක මිටකට එක් වී සිටින බවද සඳහන් කළා.
රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා මේ බව සඳහන් කළේ අද (10) කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ රටට අවශ්‍ය වන්නේ ජාතිවාදී නොවන නායකයෙක් බවද සඳහන් කළ ඒ මහතා පරිණත, බුද්ධිමත්, දුරදක්නා නුවණින් යුත් ලෝකයම පිළිගත් නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා ජාතිවාදියකු නොවන බවද අවධාරණය කළා.