21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන අනුර කුමාර මහතාට සහාය දැක්වීමට කඳුරට ජනතා බලය පක්ෂය කැමැත්ත පළ කර තිබෙනවා .
මේ පිළිබඳව පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා අද (10) දින හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ප්‍රකාශ කර තිබෙන්නේ .
කඳුරට ජනතා බලයේ නායකයා සමඟ එහි ක්‍රියාකාරී සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහළ දැමීමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
තවදුරටත් එම නායකයන්ට මුලා නොවි කදුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදිමට තිරණය කළ බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට වතුකරයේ ජනතාවගේ ජන්දය ඔහු වෙත ලබාදෙන බවත් රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා