චීනයේ පන්ති කාමරවල වායු සමීකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් චීන සමාජ මාධ්‍යවල ආරවුලක් මතු වී තිබෙන බව වාර්තා වෙනවා .
එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවන බැවින් වායුසමීකරණ යන්ත්‍ර සවි කරන ලෙස චීනයේ උණුසුම්ම නගර කිහිපයක දෙමාපියන් පාසල්වලින් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ .
එයට පිළිතුරු වශයෙන් එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සිසුන්ට “වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ විඳදරාගැනීමේ ආත්මය වර්ධනය කර ගත හැකි වන පරිදි වායුසමීකරණ ස්ථාපනය නොකරන” බවයි.