රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් තම ආයතනයට නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා .
සේවකයන්ගේ සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී තිබෙන බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටින්නේ .
එම නිසා මෙම තීරණය ගත් බව එම කොමිසම සඳහන් කර සිටියා .