රජයට අයත් හලාවත වැවිලි සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
සමාගම ලාභ ලබමින් පවතින අතර එය තවදුරටත් ඉහළනැංවීම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා පවසන්නේ.
වතු කොට්ඨාස 8 කින් සමන්විත හලාවත වැවිලි සමාගම මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන සමාගමක් බවට පත්ව තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර පාඩු ලබන තත්ත්වයේ පැවති හලාවත වතු සමාගම නව කළමනාකාරිත්වයක් යටතේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනු ලැබුවේ එහි නිෂ්පාදන ධාරිතාවද ඉහළනැංවීමේ අරමුණින්.
සමාගම නිපදවන නෑඹුල් පොල්තෙල් සහ පොල්පැණි සඳහා වෙළදපලේ පවතින්නේ ඉහළ ඉල්ලුමක්. එමෙන්ම කජු නිෂ්පාදනයෙන්ද සුවිශේෂි පියවරක් තැබූ හලාවත වැවිලි සමාගම විදෙස් වෙළදපල තුළ විශේෂිත සන්නාමයක් හිමිකරගනිමින් රටට විදේශ විනිමය ද ලබාදෙන බව ජූඩ් රූකාන්ත මහතා සඳහන් කළා.
කිරි නිෂ්පාදනය හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ඇතුළු තවත් බොහෝ වියාපෘති සාර්ථකව ක්‍රියාවට නංවා තිබෙනවා
හලාවත වැවිලි සමාගමේ මණ්ඩල සාමාජිකයින් මෙන්ම සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.