ඉන්දියාවේ ආන්ද්‍රා හා තෙලගනා යන ප්‍රාන්තයන්ට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ආන්ද්‍රා හා තෙලගනා ප්‍රාන්තයන්ට පසුගිය සතියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙනුයි මෙම රතු නිවේදන නිකුත් කර තිබෙන්නේ.
අධික වර්ෂාවත් සමඟ එම ප්‍රාන්තයන්ට ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති අතර මාර්ග රැසක් වසා දැමීම හේතුවෙන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඉදිරි දින කිහිපයේ ද එම ප්‍රදේශයන්ට අධික වර්ෂාවෙන් බලපෑම් එල්ල විය හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
සහන කටයුතු සඳහා කණ්ඩායම් 50ක් යොදවා ඇති බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරනවා.
මේ අතර මහාරාෂ්ට හා උත්තරාකන්ද් යන ප්‍රාන්තයන්ට ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කාලගුණ අංශ පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා.