ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 2947ක්.
මෙයට අමතරව ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි විසිපහක් ලැබී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.