රට ගොඩනැගිය හැක්කේ පුළුවන් ශ්රී ලංකා වැඩපිළිවෙලට පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ආර්ථිකය කඩා වැටීම හමුවේ ජනතාවගේ ජීවත්විමේ අයිතිය තහවුරු කිරීමට තමන් සමග එක්වන්නැයි ජනාධිපතිවරයා සියලු ජනතාවට ආරාධනා කළා.
ජනාධිපතිවරයාගේ ජයග්රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන රනිල්ට පුළුවන් ජන රැළි මාලාවේ රුවන්වැල්ලේ පැවති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
මැති ඇමතිවරුන් ඇතුලු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකුම මෙම රැළිය ඇමතුවා.