උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරිමට තමන් කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සංචාරක කර්මාන්තයේ ප්රගමනය සදහා ද තමන් කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.
ශ්රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සදහා සංවිධාන කරන ජනහමු මාලාවේ තවත් ජන හමුවක් කන්තලේ නගරයේදි පැවැත්වුණා. ශ්
රි ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.