එළඹෙන 21 වනදා ජනාධිපතිවරණය ජයග්රහනය කර 22 වනදාම සවස පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමෙන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මෙවර ජනාධිපතිවරණය සමස්ත පාර්ලිමේන්තුවම සුද්ද කරන ජනාධිපතිවරණයක් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරිම වෙනුවෙන් පවත්වන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් නොච්චියාගම නගරයේදි පැවැත්වුණා.
ජාතික ජන බලවේගයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.