යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම උතුරු පළාතේ නිරික්ෂණ කටයුතු ආරම්භ කළා.
නිරික්ෂණ කණ්ඩායම උතුරු පළාත් ආණ්ඩුකාර පි එස් එම් චාල්ස් මහත්මිය සමගද සාකච්ජා කළා.
ඒ ආණ්ඩුකාර කාර්යාලයේදි.
මැතිවරණ ප්රචාරක කටයුතු පිළිබදව ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
උතුරු පළාත් මැතිවරණ කටයුතු සාමකාමිව පවතින බව ආණ්ඩුකාරවරිය එහිදි ප්රකාශ කළා.
ජනාධිපති අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය දැකගත හැකි බවත් ඇය පෙන්වා දී තිබෙනවා.