ත්රීරෝද රථයක පිටුපස පොහොර උරයක දමා තිබියදී බිළිඳු මළසිරුරක් හමු වූ බව ආගරපතන පොලීසිය පවසනවා.
ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ගාල් කර තිබූ ත්රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හමන බවට එම ත්රීරෝද රථයේ රියදුරාගේ මව ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්රීරෝද රථයේ පිටුපස තිබී මෙම බිළිඳු මළ සිරුර හමුවී වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
ත්රීරෝද රථයේ රියදුරු එම වතුයායේම පදිංචිකරුවෙක් බව මුලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.