අම්බලන්තොට කොග්ගල්ල මදයමලලන්ද ප්රදේශයේදී අද (09) අළුයම් කාලයේදී වනඅලියෙක් පහරදීමෙන්
තිදරු පියෙක් මිය ගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය පවසනවා .
මෙලෙස මිය ගොස් ඇත්තේ මදයමලලන්ද පදිංචි උපුල් ප්රියන්ත නැමැති (48) හැවිරිදි තිදරු පියෙක් .
වනඅලියගේ පහර කෑමට ලක් වූ තිදරු පියා බැරගම ප්රාදේශිය රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි
බවයි රෝහල් ප්රකාශකයෙක් ප්රකාශ කර සිටින්නේ .
සිද්ධිය සම්බන්දයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලය සහ අම්බලන්තොට පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා .