පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්රසයේ නියෝජිතයින් රැසකගේ සහාය ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
පක්ෂයේ බහුතරයකගේ සහාය ජනාධිපතිවරයාට හිමිව ඇති බවයි ඔවුන් පවසන්නේ.
සමස්ත ලංකා මහජන කොංග්රසයේ නියෝජිතයින් කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී සහාය පළකරන බව ප්රකාශ කළා.
උතුරේ මුසලි ප්රාදේශිය සභාවේ එක් මන්ත්රීවරයෙකු හැර සෙසු සියලු දෙනා ජනාධිපතිවරයාට සහාය පළකරන බවයි ඔවුන් මෙහිදී කියාසිටියේ. .
පක්ෂයේ ඇතැමුන්ගේ බලපෑම මත රිෂාඩ් බදියුදීන් මහතා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණය කළද පක්ෂ බහුතරයකගේ සහාය ජනාධිපතිවරයාට හිමිවන බවයි එම නියෝජිතයින් සඳහන් කළේ .
.
පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් එම් මුෂාරෆ් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.