2024 ජනාධිපතිවරණයට තරග කරන අපෙක්ෂකයන්ගෙන් රට ගොඩගෙන මේ රටේ ජනතාවගෙත් ආර්ථිකය ගොඩ දැමිය හැකි එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා බව මහනුවර දිස්ත්රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්රකාශ කළේ ජනාධිපති අපෙක්ෂක රනිල් වික්රමසිංහ මහතාගේ ජයග්රහණය උදෙසා (08) දින පස්වරුවේ නාවලපිටිය ප්රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැස්විමක් අමතමින්.
තවද රටේ ආර්ථිකය කඩා වැටී තිබූ අවස්ථාවක එම අභියෝගයට මුහුණ දීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවූ අවස්ථාවක එම අභියෝගය භාරගත් එකම නායකයා රනිල් වික්රමසිංහ මහතා බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ රටේ ආර්ථිකය ඉහළ දමමින් කටයුතු කළ රනිල් වික්රමසිංහ මහතා ඉදිරි වසර පහ සඳහාත් ජනාධිපතිවරයා වශයෙන් පත්වුණොත් රට සහ සියළුම ජනතාව ගොඩයන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්රකාශ කළා.
එමෙන්ම තමන් රනිල් වික්රමසිංහ මහතා දින වීමට එතුමා සමඟ එක්වුවද තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවන බවත්, රට ගැන සිතා තමන් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.