ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් වසර 4ක් තුළ නිවාඩු 532ක් ලබාගෙන ඇති බව වාර්තා වනවා.
ජෝ බයිඩෙන් මේ වනවිට 81 වන වියෙහි පසු වනවා.
ඔහු ජනපති ධුරයේ කටයුතු කර ඇති දින ගණන 1, 326 ක්. වසර 4ක් තුළ ඔහු ලබා ගත් නිවාඩු සංඛ්‍යාව රාජකාරි කළ දින ගණනට සාපේක්ෂව 40% ක ප්‍රතිශතයක්.
සාමාන්‍ය ඇමරිකානුවෙකුට වසරකට දින 11 ක නිවාඩුවක් හිමි වන අතර බයිඩෙන් ලබා ගත් නිවාඩු ගණන හිමි වීමට නම් වසර 48 ක් සේවය කළයුතු වනවා.
මේ අතර ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ මේ වනවිට ඇමරිකාවේ උද්ධමනය පාලනයෙන් තොර වී ඇති බවයි.
ලෝකයම අවදානම් මොහොතක සිටියද බයිඩෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නිවාඩුවට ගොස් විවේකය ගතකිරීම පමණක් බවයි ඔහු චෝදනා කරන්නේ.