යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 59 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මේ වසරේ ආසියා මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව වන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.
ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තවත් 229 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වියට්නාම රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් සුළි කුණාටුව මේ වනවිට නිවර්තන පීඩන අවපාතයක් දක්වා පහත බැස ඇති අතර බටහිර දෙසට ගමන් කරමින් ගංවතුර හා නායයෑම් ඇති කළ හැකි බවට බලධාරීන් අනතුරු අඟවනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ කඳුකර හෝ බින් පළාතේ නිවස මතට පස් කන්දක් කඩා වැටීමෙන් 4දෙනෙකු මිය ගියා.
මේ අතර උතුරු කඳුකරයේ ලාඕ කායි පළාතේ සා පා ප්‍රදේශයේ නායයෑමක් ඊයේ දහවල් සිදු වූ අතර ඉන් පුද්ගලයන් 17 දෙනෙකු ද මිය ගියා.
මියගිය අය අතර අලුත උපන් බිළිඳෙකු ද වනවා.
පැයට කිලෝමීටර 203ක වේගයෙන් සුළි කුණාටුව හමා ගිය අතර හැනෝයි අගනුවර ඇතුළු කලාපය පුරා විදුලිය ඇණහිටීමට ද එය හේතුවක් වුණා.