ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
තම රජයක් යටතේ රැකියා විසිලක්ෂයක් බිහි කරමින් විරැකියාවට විසදුම් ලබාදෙන බවයි ඒ මහතා කියාසිටියේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්රවණාගාරයේ පැවති රැස්වීමකදී ඒ මහතා මෙම අදහස් පළකළා.
ගැටලුවලට පැලැස්තර විසදුම් සෙවීමේ යුගය තමන් අවසන් කරන බවයි නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.