සජීවී සංවාදයකට සහභාගි නොවූ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ජන රැළිවලට එක්වීමට සදාචාරාත්මක අයිතියක් නැති බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.
සංවාද මගහරිමින් ඔවුන් ජන රැළිවලට එක්වන්නේ බොරු පොරොන්දු ලබාදෙමින් ජනතාව රැවටීමට හැකි නිසා බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
සර්ව ජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළකළේ කුරුණෑගල පැවති ජන රැළියට එක්වෙමින්.
වරදාන වරප්රසාද ලබාගැනීමට කිසිවෙකු තමා සමග එක්ව නැති බව ඒ මහතා පෙන්වා දුන්නා. සර්වජන බලය පක්ෂයේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා.