සමාජය නැවත සුවපත් කිරීමේ වගකීම කලාකරුවන්ටත් ජාතික ජනබලවේගයටත් පැවරී ඇති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එම වගකීම ඉටු කිරීමෙන් ජනතාවට සතුටින් සිටිය හැකි රටක් නිර්මාණය වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
පුනරුදයට කලාවේ අනාගතවාදී පෙළගැස්ම නමින් ජාතික ජනබලවේගයේ කලාකරුවන්ගේ සමුළුව තැප්රොබේන් ශාලාවේදී පැවැත්වුණා.
එම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේබව කියා සිටියා.
උදාර සංස්කෘතික ජීවිතයක් සහකම්පනීය ජනතාවක් ජාතික ජනබලවේගයේ කලා සංස්කෘතික ප්රතිපත්තිය එළිදැක්වීම ද මෙහිදී සිදවුණා.