හෙළ ජන සංස්කෘතික ක්ෂේත්රයේ දියුණුව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ආරම්භ කරන බව විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සංස්කෘතික ආයතනය ඇතුලු සියලු ආයතන ඒකාබද්ධ කිරීමට ද කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.
සමගි හෙළ ජන සංස්කෘතික සමුළුව කොළඹ දී පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද ඊට එක්ව සිටියා.
ජෝතිශ්‍යවේදීන්, අංගම්පොර ශිල්පීන්, නර්තන ශීල්පීන් ඇතුළු පාරම්පරික ජන සංස්කෘතික කලාවන්හි නියුතු පිරිසක් මීට එක්ව සිටියා.