එළඹෙන ජනාධිපතිවරණයට අදාළව 14 වනදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අද (08) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව ප්‍රකාශ කළා.
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර විශේෂ දිනයක් ලෙස ඊයේ (08 )වනදා ප්‍රකාශයට පත්කර තිබුණා.
කෙසේ නමුත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු එළැඹෙන 14 වන දිනයේ ද සිදුකිරීමට නියමිතයි.